Friday, April 26, 2024

General line - 0115112241

ජනපතිගේ ධූර කාලය වසර 6ක් නම් 19 සංශෝධනයේ කිසිවක් වලංගු නෑ




වර්තමාන ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 5කට සීමා නොවන්නේ නම් 19වන සංශෝධනයෙන් ගෙන ආ අනෙකුත් සංශෝධනද වලංගු නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

එම පක්ෂය කොළඹදී අද (12) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මේ බව කියා සිටියා.

මෙම මාධ්‍ය හමුවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත්‍රා වන්නිආරච්චි පැවසුවේ කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම මේ වනවිට බිඳ වැටී ඇති බවයි.

මෙම තීරණ විවේචනයට ලක් කරමින් හෙළ බොදු සවිය සංවිධානයද ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා වෙත ලිපියොමු කර තිබෙනවා.