Friday, April 26, 2024

General line - 0115112241

යොවුන් ලෝක කුසලාන තරගයේ පළමු දින පාකිස්තානයට එරෙහිව ඇෆ්ගනිස්ථානය පෙරලිකාර ජයක්

කසුන් කැලුම්




යොවුන් ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ආරම්භක දිනයේදීම පාකිස්තානු කණ්ඩායමට එරෙහිව පෙරලිකාර ජයක් වාර්තා කිරීමට ඇෆ්ගනිස්ථාන යොවුන් කණ්ඩායම අද (13) සමත් වුණා.

ඩී කාණ්ඩය යටත් පැවති මෙම තරගය ඇෆ්ගනිස්ථාන යොවුන් කණ්ඩායම ජය ගත්තේ කඩුලූ 5කින්.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තානු යොවුන් කණ්ඩායම සියල්ලන් දැවී රැස් කළේ ලකුණු 188ක් පමණයි.

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ඇෆ්ගනිස්ථාන යොවුන් කණ්ඩායමේ ක්වයිස් අහමඞ් සහ අස්මතුල්ලා කඩුලූ 3 බැගින් දවා ගැනීමට සමත් වුණා.

ලකුණු 189ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹාගිය ඇෆ්ගනිස්ථාන යොවුන් කණ්ඩායම පන්දුවාර 47 යි පන්දු 3ක් අවසානයේ කඩුලූ 5ක් පමණක් දැවී ජයග‍්‍රාහී සීමාව පසුකර ගියා.

ඇෆ්ගනිස්තාන යොවුන් කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන ගිය ධර්විස් රසෝලි නොදැවී ලකුණු 76ක් රැස් කිරීමට සමත් වුණා.

මේ අතර යොවුන් ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අද (13) පැවති තරගවලින් සිම්බාබ්වේ, බංග්ලාදේශ, නවසීලන්ත යන යොවුන් කණ්ඩායම් ජය වාර්තා කිරීමට සමත් වුණා.

යොවුන් ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ශී‍්‍ර ලංකාව සහභාගි වන පළමු තරගය අයර්ලන්ත යොවුන් කණ්ඩායමට එරෙහිව හෙට (14) පැවැත්වීමට නියමිතයි.