Friday, April 26, 2024

General line - 0115112241

ගම්මන්පිලට ඇටෝනි බලපත්‍රයක් දුන්නේ නෑ

අධිකරණ වාර්තාකරු




තමාට අයත් ඩිජිටල් නොමිනි නම් ආයතනයේ කොටස් විකිණීමට තමා කිසි දිනක උදය ගම්මන්පිලට ඇටෝනි බලපත්‍රයක් මගින් බලය පැවරීමක් නොකළ බව ඕස්ට්‍රේලියානු ජාතික බ්‍රයන් ෂැඩික් නැමැත්තා අද (16) කොළඹ මහාධිකරනයේ දී සාක්ෂි ලබා දෙමින් පැවසුවා.

ඕස්ට්‍රේලියානු ජාතිකයෙකුට අයත් ඩිජිටල් නොමිනි නම් අයතනයේ කොටස් ධම්මික පෙරේරා නැමැති ව්‍යාපාරිකයෙකුට විකිණීමෙන් පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා තවත් පුද්ගලයකු රුපියල් මිලියන 21 ක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කළේ යැයි කියන සිද්ධියට අදාළව නඩුව වැඩිදුර විභාගය සඳහා කොළඹ මහාධිකරනයේදී කැඳවනු ලැබුවා.

විත්ති පාර්ශවය අද (16) දින අධිකරනයට ඉදිරිපත් කර ඇති ඇටෝනි බලපත්‍රය ව්‍යාජ ලේඛනයක් බවත් තමා කිසි විටක එවැන්නක් ගම්මන්පිල ට ලබා නොදුන් බව සාක්ෂිකරු පැවසුවේය.
 

මේ අතර තමා සාක්ෂි ලබා දෙන විට ගම්මන්පිල මහතගේ නීතිඥවරුන් තමාට අපහාස වන ආකාරයට කටයුතු කරමින් උසුලු විසුලුකරමින් අවමන් කරන බවට මහාධිකරනයට පැමිණිලි කළා .


මෙම නඩුවේ ප්‍රධාන සාක්ෂිකරු වන ඕස්ට්‍රේලියානු ජාතික බ්‍රයන් ෂැඩික් නැමැත්තාගෙන් විත්ති පාර්ශවයේ නීතිඥවරයා අද හරස් ප්‍රශ්න වලට පිළි විමසීම ආරම්භ කළ අතර වැඩිදුර හරස් ප්‍රශ්න විමසීම හෙටට (17) කල් තබනු ලැබුවා.


ඩිජිටල් නොමිනී පුද්ගලික සමාගම හා සම්බන්ධ මෙම ගනුදෙනුව 1997-2000 වර්ෂය අතර කාලය තුල සිදු වී ඇති බවට නීතිපතිවරයා චොදනා කරමින් උදය ගම්මන්පිල සහ සිඩ්නි ජයසිංහ යන අයට එරෙහිව කොළඹ මහාධිකරනයේ නඩු පවරා තිබුණා.