Friday, April 26, 2024

General line - 0115112241

හිටපු ඇමතිගේ පුතා "දුටු තැන අල්ලන්න" නියෝග




මාලක සිල්වා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට පමුණවනමෙන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝගකොට තිබෙනවා. ඒ අධිකරණය මග ඇරීම හේතුවෙනි.

 

ඒ මාලක සිල්වා 2014 වර්ෂයේ දී  බ්‍රිතාන්‍ය ජාතික යුවළකටරාත්‍රී සමාජ ශාලාවකදී පහර දී තුවාල සිදු කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වන  නඩුවට ඔහු  අධිකරනයේ පෙනී නොසිටීම හේතුවෙන්.

මෙම සිද්ධියෙන් අනතුරුව මාලක සිල්වාට රාත්‍රී සමාජ ශාලා වෙත යාම වළකාලමින් මීට පෙර අවස්ථාවකදී තහනම් නියෝගයක් නිකුත් කර තිබුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් මෙතෙක් ලැබී නොමැති බව කොළඹ අපරාධ කොට්ඨාසය මීට පෙර අධිකරණයට දැන්වා තිබුණි. මාලක සිල්වා හිටපු අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත්‍රයාය.