Friday, April 26, 2024

General line - 0115112241

"පරණ ක්‍රමය තිබ්බා නම් අපි බොක්ක රත් කරන් ඉන්න ඕනේ - දැන් අගමැතිව ඉවත් කරන්නත් ජනපතිට බලය නෑ" - එජාපය කියයි

ඩිල්ෂාන් තුෂාර




19 වැනි සංශෝධනයට අනුව පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට හෝ අග‍්‍රාමාතවරයා ඉවත් කිරීමට ජනාධිපතිවරයාට බලතල නොමැති බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා පවසනවා.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ පානදුර කෙසෙල්වතත් පරත්ත ප‍්‍රදේශයේ පැවති උත්වයකට එක්වෙමින්.

"ජනාධිපතිතුමා 19 වැනි සංශෝධනයේ වලංගුභාවය පසුගියදා පරීක්ෂා කරලා බැලුවා. එතුමට උත්තරයක් හම්බුණා..19 වැනි සංශෝධනය ඒ තියෙන විහිදටම වලංගුයි කියලා..එතුමා පත්වුණේ අවුරුදු 06කට වුණාට අපි එකක් අඩු කලා..එතුමගෙත් එකඟතාවය අනුව..දැන් ආස වුණත් ආපහු 06ට යන්න බෑ. 19 වැනි සංශෝධනයේ බලාත්මක නිසා ඒකේ ප්‍රතිපලය තමයි.. පාර්ලිමේන්තුව විසුරවන්න ජනාධිපතිට බලය නෑ.. අගමැතිව ඉවත් කරන්න බෑ.. අමාත්‍යවරයෙක් අස් කරන්න පුළුවන් එහෙත් පත් කරන්න ඕනේ අගමැතිතුමාගේ අනුමැතිය ඇතුව. ඒ නිසා සම්පූර්ණ රටේ පාලන බලය තියෙන්නේ අපිට බහුතර බලය තියෙන පාර්ලිමේන්තුවෙයි. පරණ ක්‍රමය තිබ්බා නම් අපි ඉතින් ඉන්න ඕනේ එක එක කතා ඇහෙනකොට බොක්ක රත් කරන්.. අම්මේ.. කොයි වෙලාවේ විසුරවයිද දන්නේ නෑ කියලා"

ජනාධිපතිවරයා දැඩි ප‍්‍රකාශයන් සිදු කළද ඉන් එක්සත් ජාතික පක්ෂයට කිසිදු හානියක් සිදු නොවන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.