Friday, April 26, 2024

General line - 0115112241

එළවළු මිල වෙනස් වෙයි




එළවළු මිළ මේ දිනවල කැපී පෙනෙන ලෙස අඩු වී තිබෙනවා. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළද සංගමය පැවසුවේ සාපේක්‍ෂව වැඩි තොග ප‍්‍රමාණයක් මේ දිනවල වෙළදපොළට ලැබෙන බවයි. මිළ අඩු වී ඇත්තේ ඒ නිසා බවද ඔවුන් පැවසුවා.

ඉකුත් දිනවල කිලෝග‍්‍රෑම් එකක් රුපියල් 600 ක් පමණ වූ අමුමිරිස් කිලෝග‍්‍රෑම් එකක තොග මිළ මේ වනවිට රුපියල් 40 ක් දක්වා අඩු වී තිබෙන බවයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ක්‍ෂේත‍්‍ර චාරිකාවක යෙදුණු නෙත් නිවුස් වාර්තාකරු අශෝක එරමිණිගම්මන පැවසුවේ.

දඹල කිලෝග‍්‍රෑම් එකක තොග මිළ රුපියල් 15 ක් පමණ දක්වා අඩු වී තිබෙනවා. වම්බටු, මෑකරල් සහ වට්ටක්කා වැනි එළවළු අළෙවි වන තොග මිළ රුපියල් 40 ක්.