Friday, April 26, 2024

General line - 0115112241

පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ද සාකච්ඡාවක

හේමන්ත කහවලගේ




ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ රැස්වීමක් ද මේ වනවිට පැවැත්වෙනවා. ඒ, හිටපු ජනාධපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

කොළඹ 7 විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදියි මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. රට තුළ පවතින දේශපාලන තත්ත්වයන් සහ ජයග‍්‍රහණය කළ පළාත් පාලන ආයතනවල ඉදිරි කටයුතු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරෙන බවද මෙහිදී වැඩිදුරටත් වාර්තා වුණා.

කෙසේ  වෙතත් පවතින දේශපාලන තත්ත්වය ගැන සුදුසු තීරණයක් ගැනීමට හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් පක්ෂ නායක කමිටුවක් පත් කර ඇති බවද වාර්තා වනවා.