Friday, April 26, 2024

General line - 0115112241

කැමතිනම් ආණ්ඩුවෙන් ඉවත්ව යන්න - නිදහස් පක්ෂයට එජාපෙ කියයි




පවතින ආණ්ඩුව එලෙසම පවත්වාගෙන යාමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා. යම් අවශ්‍යතාවයක් තිබෙන්නේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආණ්ඩුවෙන් ඉවත් වී යාමට හැකියාව පවතින බවයි එක්සත් ජාතික පක්ෂය පවසන්නේ.

අද (13) පස්වරුවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවැති සාකච්ඡාවක දී මෙම තීරණයට පැමිණ ඇති බවයි එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ අතර සාකච්ඡාවේදී ගත් තීරණ පිළිබඳව දැනුම් දීම සඳහා අග්‍රාමාත්‍යවරයා සහ එජාප කැබිනට් අමාත්‍යවරුන් ජනපති නිල නිවසට ගොස් ඇති බව ද වාර්තා වනවා.