Friday, April 26, 2024

General line - 0115112241

අගමැති සහ කතානායක ජනපති සමග ඊයේ රෑ පැවැති සාකච්ඡාවේදී ගත්තු තීරණ මෙන්න

හේමන්ත කහවලගේ




කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් ලබන බදාදා සිදු වනු ඇති බවට දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

අග‍්‍රාමාත්‍යවරයා වෙනස් නොවනු ඇති බවද සඳහන්. අග‍්‍රාමාත්‍යවරයා හා කතානායකවරයා, ජනාධිපතිවරයා හමුවී ඊයේ (18) පස්වරුවේ සිදු කළ සාකච්ඡාවේදීද වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ සාකච්ඡා කර තිබෙනවා.

එහිදී, කතානායක කරු ජයසූරිය මහතා පවසා ඇත්තේ රටේ මතුව ඇති අස්ථාවරත්වයට කඩිනමින් විසඳුම් ලබා දිය යුතු බවයි.

කොටස් වෙළඳපල කඩා වැටී ඇති බවත් ආයෝජකයින්ගේ මෙන්ම ජාත්‍යන්තරයේද විශ්වාසය බිඳ වැටී ඇති බවත් කතානායකවරයා ඒ අවස්ථාවේදී ප‍්‍රකාශ කර ඇතැයි සඳහන්.

ඉකුත් දින 7 ක කාලය තුළ රටේ පැවැති තත්ත්වය බිඳ වැටී ඇති බවයි කතානායක කරු ජයසුරිය මහතා මෙහිදි ජනාධිපතිවරයාට සහ අග‍්‍රාමාත්‍යවරයාට පෙන්වා දී ඇත්තේ.

මෙම සාකච්ඡාවට පසුව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම්ද පැමිණ තිබෙනවා. එහිදී ඔහුු ප‍්‍රකාශ කර ඇත්තේ පාර්ලිමේන්තුවේ බහුතරයක් සිටින පක්ෂය ලෙස අග‍්‍රාමාත්‍යධූරය වෙනස් කිරීමට එක්සත් ජාතික පක්ෂය අකමැති බවයි. ඒ අනුවයි අග‍්‍රාමාත්‍යධුරය වෙනස් නොකිරීමට තීරණය කර ඇත්තේ.

මේ අතර, අද දිනයේදී කැබිනට් මණ්ඩලය විසුරුවා හැරීමට අදාළ ගැසට් පත‍්‍රයක් රජයේ මුද්‍රණාලය වෙත යොමු කර තිබූ බවද වාර්තා වනවා. එහෙත් එය අවලංගු කරන ලෙසට ජනාධිපති ලේකම්වරයා රජයේ මුද්‍රණාලයාධිපතිනියට දැනුම් දී ඇති බවද සඳහන්.