Friday, April 26, 2024

General line - 0115112241

ඉදිරි ආණ්ඩු බලය පිහිටුවීම සම්බන්ධයෙන් අළුත්ම තීරණය මෙන්න

හේමන්ත කහවලගේ




රට තුළ උද්ගතව ඇති දේශපාලන තත්ත්වය හමුවේ එක්සත් ජාතික පක්ෂයේ  බහුතර ආණ්ඩුවක් සැකසීමට මේ වනවිට තීරණය වී ඇතැයි වාර්තා වනවා. පාර්ලිමේන්තු ආරංචි මාර්ග සහන් කළේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා එක්ව එම බහුතර ආණ්ඩුව පිහිටුවීමට සැලසුම් කර ඇති බවයි.

, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පිරිසක් ද එක්සත් ජාතික පක්ෂය හා සම්බන්ධ කර ගනිමින්.

ඒ අනුව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමග සිටින එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 43 දෙනාගෙන් කොටසක්  එක්සත් ජාතික පක්ෂය හා එක් වනු ඇති.

සෙසු පිරිස ඒකාබද්ධ විපක්ෂය හා එක්ව විපක්ෂය ලෙස කටයුතු කරනු ඇති බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසන්නේ.