Friday, April 26, 2024

General line - 0115112241

සාකච්ඡාව අවසන්.. තීරණය අමාත්‍ය එස් බී කියයි

කසුන් කැලුම්




ආණ්ඩුව  තුළ ප‍්‍රබල වෙනසක් සිදුවිය යුතු බවට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සමග පැවැති සාකච්ඡාවේදී තීන්දු කළ බව අමාත්‍ය එස් බී දිසානායක පවසනවා.

එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රීවරුන් හා ජනාධිපතිවරයා අතර පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

තමන් විසින් ගත් තීරණයට ඇතැම් පාර්ශ්ව එකඟ නොවුවත් තමන් විසින් ගණු ලැබු තීරණය සම්බන්ධයෙන් කිසිදු වෙනස් සිදු නොකරන බවයි අමාත්‍ය එස් බී දිසානායක කියා සිටියේ.

ඊට අවශ්‍ය ශක්තිය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජිකයන් ද එකඟවී ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ අවශ්‍ය කටයුතු දැනටමත් සිදුකරමින් සිටින බවයි.

මෙහිදී මාධ්‍යවේදියෙකු අසා සිටියේ නිදහස් පක්ෂයේ අග්‍රාමාතයවරයෙකු පත්කර ගැනීමේ සිහිනය බොඳවී ඇත්ද යන්නයි.

ඊට පිළිතුරු ලබාදෙමින් අමාත්‍ය එස් බී දිසානායක කියා සිටියේ එම තීරණයේ ද කිසිදු වෙනසක් නොමැති බවයි.

දැනට රටතුල පවතින දේශපාලන අර්බුදය හමුවේ අග්‍රාමාත්‍යවරයා වෙනස් කිරිම එම අර්බුදය සමතය කිරිම සඳහා විකල්පයක් වනු ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.