Friday, April 26, 2024

General line - 0115112241

ගෑස් රුපියල් 300කින් වැඩි කරන්න ඉල්ලයි

කසුන් කැලුම්




ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල වැඩි කිරීම සඳහා ගෑස් සමාගම් අවසර ඉල්ලූවද ඒ පිළිබඳ අවසන් තීරණයක් මෙතෙක් ගෙන නොමැති බව පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා.

ලාෆ් සහ ලිට්‍රෝ ගෑස් සමාගම් ජීවන වියදම් කමිටුවෙන් ඉල්ලා සිටියේ රුපියල් 300කින් ගෑස් මිල වැඩි කිරීමට අවසර ලබා දෙන ලෙසයි.

ලෝක වෙළඳපොළේ ගෑස් මිල ඉකුත් සමයේදී ඉහළ යාම ඊට හේතුව ලෙසයි ඔවුන් දක්වා තිබෙන්නේ.

රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය වැඩි වීම ද ගෑස් මිල වැඩි කිරිම සඳහා ඔවුන් කළ ඉල්ලීමට හේතුවක්.