Friday, April 26, 2024

General line - 0115112241

ලොව වැඩිම කතාබහක් ඇති කළ ලාබාලතම පන්දු යවන්නා වාර්තා පොතට

තරංග රුක්ෂාන් ජයසේකර - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ඇෆ්ගනිස්ථාන දඟ පන්දු යවන රෂීඞ් ඛාන් කි‍්‍රකට් වාර්තා පොත් අලුත් කර තිබෙනවා.

ඒ, මෙතෙක් ලොව අංක එකේ එක්දින පන්දු යවන්නා බවට පත්වූ ලාබාලතම කි‍්‍රඩකයා බවට පත්වෙමින්.

මේ වනවිට රෂීඞ් ඛාන්ගේ වයස අවුරුදු 19ක්. ඉකුත් බටහිර ඉන්දීය කොදෙව් සහ සිම්බාබ්වේ තරග සංචාරවලදී  ලොව වැඩිම කතා බහට ලක්වූ පන්දු යවන්නකු බවට ඔහු පත්වුණා.

සිම්බාබ්වේ තරගාවලියේ තරග 05කදී රෂීඞ් ඛාන් බිඳ හෙළු කඩුලූ සංඛ්‍යාව 16ක්. මෙතෙක් ටෙස්ට් වරම් දිනා නොගත් ඇෆ්ගනිස්ථාන කී‍්‍රඩකයෙකු ලොව අංක එකේ පන්දු යවන්නා බවට පත්වීම විශේෂත්වයක් බවයි කී‍්‍රඩා විශ්ලේෂකයින් පවසන්නේ. නවතම එක් දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයට ඔහු සමග ඉන්දිය වේග පන්දු යවන කී‍්‍රඩක ජස්ප‍්‍රීට් බුම්රාද නම් කර තිබෙනවා. 

මේ අතර නවතම එක්දින පිතිකරු ශ්‍රේණිගත කිරීමේ අංක එකේ ස්ථානයේ පසුවන්නේ ඉන්දියාවේ විරාත් කෝලියි. ඔහුට හිමි ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 909ක්. කී‍්‍රඩකයෙකු ප‍්‍රසාද ලකුණු 900 සිමාව මෙලෙස පසු කර ගියේ වසර 25කට පසුව වීමද විශේෂත්වයක්.

එමෙන්ම ප‍්‍රසාද ලකුණු 900 සීමාව පසුකර ගිය පළමු ඉන්දීය පිතිකරු බවටද ඔහු පත්වුණා.