Friday, April 26, 2024

General line - 0115112241

උපක්‍රම හරහා ෆේස්බුක් සහ අවහිර කළ යෙදවුම්වලට පිවිසෙන අය හඳුනාගත හැකියි- රජය කියයි

ඩිල්ශාන් තුෂාර




ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි සහ වට්ස් ඇප්, වයිබර් වැනි ජංගම දුරකථන යෙදවුම් තාවකාලිකව අවහිර කර ඇතත් අතැම් පිරිස් තවමත් විවිධ උපක‍්‍රම මගින් එම වෙබ් අඩවිවලට සහ යෙදවුම්වලට පිවිසෙන බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

කෙසේ වෙතත් එවැනි තැනැත්තන් දැන් ඉතා පහසුවෙන් හඳුනාගත හැකි බවයි ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු පවසා සිටින්නේ.

අදාල සමාජ ජාලවලට පනවා ඇති අවහිරය දින තුනකින් පමණ ඉවත් කිරිමට හැකි වනු ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කර සිටිනවා.