Friday, April 26, 2024

General line - 0115112241

නේපාල ගුවන් අනතුරෙන් 50ක් මරුට (VIDEO) (UPDATE)

වසන්ත පිවිතුරු




පුද්ගලයින් 50 දෙනෙකුට පමණ මරු කැඳවමින් නේපාලයේ කත්මන්ඩු ගුවන් තොටුපලේදී සිදුවූ ගුවන් අනතුර සම්බන්ධයෙන් බංග්ලාදේශය, නේපාලයේ ගුවන් ගමන් පාලන ඒකකය වෙත චෝදනා එල්ල කර තිබෙනවා.

එහෙත් නේපාලය පවසන්නේ නියමුවා යානය අනපේක්ෂිත ගොඩබෑමකට ලක් කළ බවයි.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන බවයි නේපාල අග‍්‍රාමාත්‍ය කේ පී ශර්මා පැවසුවේ. අද පස්වරුවේ මෙලෙස අනතුරට පත්වුණේ බංග්ලාදේශයේ යූ එස් බංග්ලා ගුවන් සේවයට අයත් යානයක්.

අනතුරට පත්වන අවස්ථවේදී එහි මගීන් 67ක් සහ කාර්යය මණ්ඩල සාමාජිකයින් 4 දෙනෙකු සිට තිබෙනවා.

--------------------

ගුවන් අනතුරකින් 38ක් මරුට..අතුරුදන් වූ 10ක් සොයා මෙහෙයුමක් (12-03-2018 17:01)

 

නේපාලයේ සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයන් 38ක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් වාර්තා පවසන්නේ නේපාලයේ කත්මණ්ඩු අගනුවර ත්‍රිබුවන් ජාත්‍යන්තර ගුවන්තොටුපලට ගොඩබාමින් තිබූ US බංග්ලා ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් මෙලෙස කඩා වැටී ඇති බවයි.

 

අදාළ යානය අනතුරට ලක්වන අවස්ථාවේ එහි මගීන් 67 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 78 දෙනෙකු එහි සිටි බව සඳහන්.

 

ඉන් පුද්ගලයින් 10 දෙනෙකු අතුරුදන් වී ඇති අතර 23 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

 

අනතුරට ලක්ව ඇත්තේ බංග්ලාදේශ ගුවන් සේවයකට අයත් ගුවන් යානාවක්.

 

අදාළ යානය ගොඩබැස්සවීමේ දී ධාවන පථය ලිස්සා ඉන් ඉවත් වී මෙම අනතුර සිදුව ඇති අතර ගුවන් තොටුපල අසල පිහිටි පාපන්දු ක්‍රීඩාංගණයට ඇදි ගොස් ගිනි ගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මෙම අනතුර අද (12) පස්වරුවේ සිදු වුණා.