Friday, April 26, 2024

General line - 0115112241

පෞද්ගලික අංශයේ සේවක අයිතීන් සුරකින්න නව වැඩපිළිවෙලක්




පෞද්ගලික අංශයේ සේවකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් සුරැකීම උදෙසා නව වැඩ පිළිවෙලක් ක්‍රියාත්සමක කරන බව කම්කරු කොමසාරිස් ජනරාල් ඒ.විමලවීර රජයේ නිල පුවත් වෙබ් අඩවියට පවසා තිබෙනවා.

දැනට වාර්ෂිකව වැටලීම් 75000ක් පමණ දිවයින පුරා වසරකට සිදු කරණ බව පවසන කම්කරු කොමසාරිස් ජනරාල්වරයා, නව වැඩපිළිවෙල යටතේ වාර්ෂිකව සේවා ස්ථාන වැටලීම් 90000 දක්වා ඉහළ දමන බව පවසා තිබෙනවා.

සේවක අර්ථසාධක අරමුදල් හා සේවා භාර අරමුදල් නොගෙවා පැහැර හරින හාම්පුතුන්ට විරුද්ධවය නඩු පැවැරීමට පියවර ගන්නා බවත්  කම්කරු කොමසාරිස් ජනරාල්වරයා පවසනවා.