Friday, April 26, 2024

General line - 0115112241

සීදූව අපරාධ අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට

චම්ලි ඒකනායක/දිනුක් හේවාවිතාරණ




සීදූව පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පැමිණිල්ලක් කරන ලද පුද්ගලයකුට වාසි සහගත ලෙස නීතිමය කටයුතු කර දීම සඳහා අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා විසින් මෙම රුපියල් 25000ක මුදල පොලිස් ස්ථානය තුළදී ලබා ගනිමින් සිටියදී මෙසේ අත්අඩංගුවට ගත් බවයි, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ (විමර්ශණ) ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්ද්‍රසිරි පැවසුවේ.