Friday, April 26, 2024

General line - 0115112241

ජ්‍යෙෂ්ඨත්වය අනුව දම්පත් ප්‍රනාන්දු මතු වෙයි

හේමන්ත කහවලගේ




යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානී මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර අද (14) දිනයේ සිය ධූරයෙන් විශ‍්‍රාම යනවා. ඔහු වසර දෙකක කාලයක් සඳහා ජාතික ආරක්ෂක විද්‍යාලයේ සේනා විධායක ලෙස පත් කිරීමටයි තීරණය කර ඇත්තේ. 

පුරප්පාඩු වන යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානී ධූරය සඳහා මේජර් ජෙනරාල් දම්පත් ප‍්‍රනාන්දු පත් කළ හැකි බව යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක ආරක්ෂක අමාත්‍යාංශයට හා ජනාධිපතිවරයාට නිර්දේශ කර යවා තිබෙනවා.

ඒ, යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨත්වය අනුවයි. දම්පත් ප‍්‍රනාන්දු මේජර් ජෙනරල් නිලයේ ස්ථිර කරන්නේ 2014 වසරේ අපේ‍්‍රල් මස 27වැනිදායි.

මේජර් ජෙනරාල්වරුන් වන පියල් වික‍්‍රමරත්න හා අජිත් කාරියකරවන එම නිලයේ ස්ථිර කරන්නේ 2014 වසරේ ඔක්තෝම්බර් මස 09වැනිදායි.

පී‍්‍රයන්ත ජයසුන්දර, රුක්මල් ඩයස්, සත්‍යපි‍්‍රය ලියනගේ, රුවන් කුලතුංග, දර්ශන හෙට්ටිආරච්චි, ශවේන්ද්‍ර සිල්වා, කුමුදු පෙරේරා හා චාගි ගාල්ලගේ යන මේජර් ජෙනරාල්වරුන් එම නිලයේ ස්ථිර කරන්නේ 2015 මාර්තු මස 05 වැනිදා සිටයි. මෙම කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි යුද හමුදාපතිවරයා සිය නිර්දේශය ලබා දී ඇත්තේ.