Friday, April 26, 2024

General line - 0115112241

විදෙස් රටවල නීති විරෝධීව රැඳී සිටි පිරිසක් ලංකාවට එවයි

ටී කේ ජී කපිල - කටුනායක




නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට සහ ස්විට්සර්ලන්තයට ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 26 දෙනෙකු එම රටවලින් පිටුවහල් කිරීමෙන් අනතුරුව අද (14) උදෑසන යළිත් ශ්‍රී ලංකාවට එවා තිබුණා.

මෙම පිරිස අතරින් ශ්‍රී ලාංකිකයන් 15 දෙනෙකු අද අලුයම 6.20 ට පමණ ඕස්ට්‍රේලියාවේ සිට පැමිණි එරටට අයත් විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණා.

මීට අමතරව තවත් ශ්‍රී ලාංකිකයන් 11 දෙනෙකු අද උදෑසන 9.00 ට පමණ ස්විට්සර්ලන්තයේ සිට එරටට අයත් විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

මෙම පිරිස සමග එම රටවලට අයත් ආරක්ෂක භට පිරිසක් ද එම ගුවන් යානාවල පැමිණි බවයි අප ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කළේ.

මෙම පිරිසගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු මුදා හැරීමට නියමිතව තිබෙනවා.