Friday, April 26, 2024

General line - 0115112241

ඉන්දියාව අවසන් සටනට සුදුසුකම් ලබයි (UPDATE)

ඉෂාර සුපෙම් මානගේ/චම්ලි ඒකනායක




කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන නිදහස් කුසලාන තුන්කොන් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට ඉන්දීය කණ්ඩායම මේ වන විට සමත් වී සිටිනවා.

ඒ බංග්ලාදේශ කණ්ඩායම හා ඊයේ (14) පැවැති තරගයෙන් ලකුනු 17ක ජයක් ලබමින්.

කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායමේ ඇරයුමෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ලකුණු 176/3 ක් රැස්කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායමට රැස් කරගත හැකිවූයේ ලකුණු 159/6ක් පමණයි.

හෙට (16) ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන තරගයෙන් ජය ගන්නා කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබනවා.

----------------------------

බංග්ලාදේශයට 177ක ඉලක්කයක් (UPDATE)

(14-03-2018 20:50)

 

නිදහස් කුසලාන විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලියේ ඉන්දියාව හා බංග්ලාදේශය අතර දෙවන තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 176ක් රැස්කර ගත්තා.

රෝහිත් ෂර්මා ලකුණු 89ක් රැස්කළා.

---------------------------------------------

බංග්ලාදේශය පන්දුව අතට ගනී

14-03-2018 18:52

නිදහස් කුසලාන විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලියේ ඉන්දියාව හා බංග්ලාදේශය අතර දෙවන තරගය පස්වරු 7.00ට ආරම්භ වනවා. ඒ, කොළඹ ආර් පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදීයි.

කාසියේ වාසිය හිමිකර ගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව ඉන්දීය කණ්ඩායම පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසීමට නියමිතයි.