Friday, April 26, 2024

General line - 0115112241

අල්ලස් ගත් නීති නිලධාරියා සහ වෛද්‍යවරයා ගැන අමාත්‍යංශයෙන් පරීක්ෂණයක් (UPDATE)




මහරගම නාවින්න ආයුර්වේද දෙපාර්තමේන්තුව තුලදී නිලධාරීන් දෙදෙනෙකු අල්ලස් ලබා ගැනීමේ සිද්ධිය සම්බන්යෙන් විමර්ශනයක් පවත්වන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සෞඛ්‍ය ලේකම්වරයාට නියෝග කර තිබෙනවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ආයතන සංග‍්‍රහය අනුව විමර්ශනයක් පවත්වා නීතිමය හා විනය කී‍්‍රයාමාර්ග ගැනීමට කටයුතු කරන ලෙසයි සෞඛ්‍ය අමාත්‍යවරයා අමාත්‍යාංශ ලේකම්වරයා වෙත උපදෙස් ලබා දී ඇත්තේ.

--------------------------------------

අල්ලස් ගත් නීති නිලධාරියා සහ වෛද්‍යවරයා මාට්ටු

14-03-2018 20:21

රුපියල් 50,000 ක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීමේ චෝදනාව මත මහරගම ආයුර්වේද දෙපාර්තමේන්තුවට අනුයුක්තව රාජකාරි කරන නිලධාරින් දෙදෙනකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් පිරිසක් විසින් අද (14) දින
අත්අඩංගුවට ගනු ලැබුවා.

ආයුර්වේද නිෂ්පාදන සමාගමක් සඳහා 2018 වසරට අදාල වාර්ෂික බලපත්‍රය ලබා ගැනීම සඳහා අදාල ගොනු ඊට අදාල කමිටුවට ඉදිරිපත් කර, අනුමතකරදීම වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 03ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා එය රුපිය ලක්ෂ 2 1/2 දක්වා අඩුකර,
එයින් අත්තිකාරම් මුදලක් ලෙස රු. 50,000 ක් අද දින, කාර්යාල පරිශ්‍රයේදී ලබා ගන්නා අවස්ථාවේදී මෙම වැටලීම කළ බවයි අල්ලස් කොමිසමේ විමර්ෂණ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්ද්‍රසිරි පැවසුවේ.

විමර්ශන වලින් අනතුරුව සැකකාර සහකාර නීති නිලධාරියා සහ සූත්‍ර කමිටු සාමාජික වෛද්‍යවරයා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.