Friday, April 26, 2024

General line - 0115112241

බංග්ලාදේශ ක්‍රිඩකයින් ක්‍රිඩාගාරයේ යකා නටයි. ප්‍රේමදාස ක්‍රිඩාංගනයේ දොරවල් වලටත් හානි (PHOTOS)

සමන්ත කුමාර/ කසුන් කැළුම්




ශ්‍රි ලංකා පිල සමග අද (16) වෙනිදා පැවැති විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් පසු ඇතිවු යම් සිදුවීමක්  හේතුවෙන් බංග්ලාදේශ ක්‍රිඩකයින් විසින් ආර්. ප්‍රේමදාස ක්‍රිඩාංගනයේ පිහිටි සිය විවේකාගාරයේ වීදුරු දොරට හානි සිදුකර ඇතැයි නෙත් නිව්ස් වාර්තාකරු සදහන් කර සිටිනවා.

තරගය අවසන් විමෙන් පසුව බංග්ලාදේශ ක්‍රිඩකයින් අතර යම් නොසන්සුන්කාරි තත්වයක් හටගෙන තිබුනා.

මේ අතර තරගය අතර වාරයේදී බංග්ලාදේශ අතිරේක ක්‍රීඩකයෙක් ශ්‍රී ලංකා පිළේ නායකයා වන තිසර පෙරේරා හට  බැන වැදී තිබුනු අතර සමස්තයක් වශයෙන් ගත් කල බංග්ලාදේශ ක්‍රීඩකයින් නොහික්මුණු අයුරින් හැසිරෙන අයුරු අද (16)  සුලභව දැක ගන්නට ලැබුනා.

මේ බංග්ලාදේශ ක්‍රිඩකයින් විසින් ක්‍රිඩාගාරයේ විදුරු දොරට හානිකර තිබු ආකාරයයි.