Friday, April 26, 2024

General line - 0115112241

දියවන්නා ඔයට ගිය සුපිරි රථයට ජනපති අතර සම්බන්ධයක් ඇති බවට පළ කළ සමාජ ජාල වාර්තා ගැන පොලිසිය නිල නිවේදනයක් නිකුත් කරයි 

ඉෂාර සුපෙම් මානගේ




තලවතුගොඩදී අනතුරකට පත්වූ බී.එම්.ඩබ්ලිව්. මෝටර් රථයට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සම්බන්ධයක් ඇති බවට වාර්තා වන තොරතුරුවල කිසිඳු සත්‍යතාවක් නොමැති බවත් එම රථයේ හිමිකරු අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට විමර්ශන ආරම්භකර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කර තිබෙනවා.

CBB 5005 දරණ මෝටර් රථය මාදිවෙල පදිංචි ෆාහිම් මොහොමඩ් හුසේන් යන පුද්ගලයාට අයිති බවත් අනතුරට පත්වන විට ඔහුම මෝටර් රථය පැදගෙන ගොස් ඇති බව සී.ටී.ටී.වී. දර්ශන වලින් පැහැදිලි වන බවත් අනතුරක් වළක්වා නොගැනීමේ චෝදනා යටතේ අයිතිකරු අත්අඩංගුවට ගන්නා බවත් පොලීසිය සඳහන් කළා.

තත්ත්වය එසේ තිබියදී දේශපාලනික වෛරී භාවයන් සාක්ෂාත් කර ගැනීම සඳහා මෙම කාර් රථයට ජනාධිපතිවරයාගේ සම්බන්ධතාවයක් තිබෙන බවට සමාජ ජාල හරහා අසත්‍ය තොරතුරු ප්‍රචාරය වෙමින් තිබූ බවත් එහි කිසිදු සත්‍යතාවයක් නොමැති බවත් පොලිසිය නිල වශයෙන් ප්‍රකාශ කර සිටිනවා.