Friday, April 26, 2024

General line - 0115112241

අළුත් අවුරුද්දට කලින් ගෑස්, විදුලිය, ජල ගාස්තු ඉහලට- එකාබද්ධ විපක්ෂයෙන් අනාවැකියක්

කසුන් කැළුම්




එළඹෙන සිංහල සහ දෙමළ අළුත් අවුරුද්දට පෙර දුම්රිය ගාස්තු, ගෑස්, විදුලිය සහ ජල ගාස්තු ඉහළ නැංවෙනු ඇතැයි ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ සභාපති හිටපු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් පවසා සිටිනවා.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ අධිපත්‍යයෙන් ආර්ථිකය මුදවා ගන්නා බව ඉකුත් මැතිවරණ සමයේදී ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය ප‍්‍රකාශ කළද මේ දක්වා එවැන්නක් සිදුවී නොමැති බවද මෙහිදි ප‍්‍රකාශ කෙරුණා.

හිටපු අමාත්‍ය ජී එල් පීරිස් එම අදහස් පළ කළේ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ අද (19) කැදවා තිබූ මාධ්‍ය හමුවකදීයි.