Friday, April 26, 2024

General line - 0115112241

ධීවර සංගණනයක් වසර 42කට පසු සිදුකෙරේ




වසර 42කට පසු  ශ්‍රී ලංකාවේ ධීවර ප්‍රජාව පිළිබඳ සංගණනයක් සිදු  කිරීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමත්‍යංශය තීරණය කර තිබෙනවා.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේද සහයෝගයෙන් පැවැත්වීමට නියමිත මෙම සංගණනය තුළින් වර්තමානයේ ධීවර අංශයේ නියුතු පුද්ගලයන් සංඛ්‍යාව හා ඔවුන්ගේ පවුලේ තොරතුරු දැන ගැනීමේ හැකියාව පවතිනවා.

කරදිය හා මිරිදිය අංශයේ ධීවර කර්මාන්තයේ යෙදෙන ප්‍රමාණ මෙන්ම ඔවුන්ගේ ආදායම් තත්ත්වයන්, ධීවර ප්‍රජාවගේ ජීවන තත්ත්වයේ සිදුව ඇති වෙනස්කම් මෙන්ම ඉදිරි ධීවර සංවර්ධන කටයුතුවලදී ප්‍රමුඛත්වය ලබාදිය යුතු අංශ හඳුනාගැනීම යනාදිය මෙහි අරමුණයි.

ඒ අනුව මේ සම්බන්ධයෙන් කටයුතු සම්පාදනය කිරීම සඳහා වූ සාකච්ඡා අමාත්‍යංශයේ නිලධාරීන් සහ ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක්ව මේ වනවිට සිදු කරමින් ඇති බව සඳහන් .

1976 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ මුල් වරට ධීවර ප්‍රජාව පිළිබඳ සංගණනයක් සිදු කර ඇති අතර,ඉන් අනතුරුව ධීවර කටයුතුවල නිරත වන ධීවර කාර්මිකයන් පිළිබඳ නිවැරදි දත්ත හඳුනාගැනීම සඳහා කිසිදු සංගණනයක් සිදු කර නොමැති බවයි ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය කියා සිටියේ.