Friday, April 26, 2024

General line - 0115112241

එල්.ටී.ටී.ඊ සන්නද්ධ නායක එලිලන් ඇතුළු පිරිසක් අතුරුදහන්වීම ගැන නඩු විභාගය කැඳවයි

වවුනියාව - මාධව කුලසූරිය




යුද්ධයේ අවසන් දිනවලදී ආරක්ෂක අංශ වෙත භාරදුන් හිටපු එල්.ටී.ටී.ඊ අංශ සන්නද්ධ නායක එලිලන් ඇතුළු පිරිසක් අතුරුදහන්වීම සම්බන්ධයෙන් වන නඩු විභාගය නැවත ජුනි මස 07 වැනිදා නැවත කැඳවන බව මුලතිව් අතිරේක මහේස්ත්‍රාත් පී.සුදන්ර්ශන් ඊයේ (19) නියෝග කළා.

එලිලන්ගේ බිරිඳ වන උතුරු පළාත් සභා කාන්තා කටයුතු අමාත්‍ය ආනන්දී සෂිදරන් ඇතුළු පිරිසක් අදාළ නඩු විභාගය ගොනු කර තිබු අතර, අදාළ නඩු විභාගය ඊයේ (19) මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණ‍යේදී කැඳවා තිබුණා.

යුද්ධයේ අවසන් දිනවලදී එලිලන් ඇතුළු පිරිසක් සාක්ෂි සහිතව යුද හමුදාව වෙත භාරදුන් අතර, අදාළ පිරිස මෙතෙක් අතුරුදහන්ව ඇති බවට නඩුව ගොනු කර තිබෙනවා.

එලිලන් ඇතුළු පිරිසක් සාක්ෂි සහිතව ආරක්ෂක අංශ වෙත භාරදුන් අතර, අදාළ පිරිස යුද හමුදාව වෙත භාරදුන් අවස්ථාවේ සාක්ෂි ලෙස සිටි කිතුණු පියතුමන්ලා දෙදෙනෙකු ද  අතුරුදහන්ව ඇති බවද අතුරුදහන්වූවන්ගේ ඥාතීන් විසින් වවුනියාව අධිකරණයේදී මීට පෙර නඩුවක් ගොනු කළ අතර, අදාළ නඩු විභාගය ද විභාග වෙමින් පවතිනවා.

එලිලන් එල්.ටී.ටී.ඊ සංවිධානය ක්‍රියාකාරීව පැවති අවස්ථාවේ වවුනියාව හා ත්‍රිකුණාමලය දිසාවන් භාර සන්නද්ධ නායකයෙකු ලෙස කටයුතු කර තිබුණා.