Friday, April 26, 2024

General line - 0115112241

පොහොට්ටුව රහස් ඡන්දයෙන් ගාල්ලේ සහ මීගමුවේ බලය ඇල්ලුවේ මෙහෙමයි

චම්ලි ඒකනායක




එක්සත් ජාතික පක්ෂය ජයගෙන තිබූ ගාල්ල සහ මීගමුව නගර සභාවේ නගරාධිපතිධූරයන්ට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් දෙදෙනකු පත්ව තිබෙනවා.

ගාල්ල නගරාධිපතිවරයා ලෙස පත්ව ඇත්තේ ප්‍රියන්ත ගොඩගම සහබන්දුය. පැවති රහස් ඡන්දයෙන් ඡන්ද 20ක් ඔහු ලබා ගත්තා. එක්සත් ජාතික පක්ෂයෙන් නගරාධිපතිධූරයට යෝජනා වූ ජිලිත් නිශාන්ත ලබාගත්තේ ඡන්ද 11ක් පමණි. පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලයට අනුව ගාල්ල මහා නගර සභාවේ ආසන 14ක් එක්සත් ජාතික පක්ෂයට හිමි වුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිවූයේ ආසන 13ක් පමණි. එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ ආසන තුන බැගින් දිනාගත් අතර, එක්සත් ජාතික නිදහස් පෙරමුණ සහ ස්වාධීන කණ්ඩායමක් ආසන 1 බැගින් දිනා ගත්තා. 

මෙහිදී ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු තිදෙනා හා ස්වාධීන කණ්ඩායමේ එක් මන්ත්‍රීවරයකු ඡන්දය දීමෙන් වැළකී සිටියා. 

ගාල්ල නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිවරයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ ෆවුසුල් නියාස් නිතරගයෙන් පත්වුණා.

මීගමුව නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස පත්වූයේ පැවති රහස් ඡන්දයෙන් ඡන්ද 25ක් ලබාගත් දයාන් ලන්සාය. ඔහුද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරනවා. එක්සත් ජාතික පක්ෂයෙන් නගරාධිපතිධූරයට යෝජනා කළ රොයිස් විජිත ප්‍රනාන්දු ලබාගත්තේ ඡන්ද 19ක් පමණි.

නියෝජිතයින් තිදෙනකු ඡන්දය දීමෙන් වැළකුනු අතර, එක් නියෝජිතයකු සහභාගීව සිටියේ නැත.

පැවති පළාත් පාලන මැතිවරණයේදී මීගමුව නගර සභාවේ ආසන 19ක් එක්සත් ජාතික පක්ෂය දිනා ගත්තා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දිනා ගත්තේ ආසන 16ක් පමණයි. එක්සත් ජනතා නිදහස් සන්ධානය ආසන 06ක්, ජනතා විමුක්ති පෙරමුණ ආසන 3ක්, එක්සත් ජාතික නිදහස් පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ ස්වාධීන කණ්ඩායම් දෙකක් ආසන එක බැගින් දිනා ගත්තා.