Friday, April 26, 2024

General line - 0115112241

අල්ලස් ගත් හිටපු විදුහල්පතිනියට වසර 05 ක සිර දඩුවමක්

අධිකරණ වාර්තාකරු 




අල්ලස් ලබාගැනීමේ සිද්ධියකට වරදකරු වූ මාතලේ ප‍්‍රදේශයේ පාසලක හිටපු විදුහල්පතිනියකට බරපතල වැඩ සහිත වසර 05ක සිර දඩුවමක් නියම කර තිබෙනවා. ඒ, 2014 වසරේ දී පාසලේ පළමු ශ්‍රේණියට සිසුවෙකු ඇතුළත් කර ගැනීමට රුපියල් ලක්ෂ 02ක මුදලක් ඉල්ලා ඉන් රුපියල් ලක්ෂ එකහමාරක් ලබාගත් බවට එල්ල වූ චෝදනාවලට වරදකාරිය වීම හේතුවෙන්. 

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් ඇය අත්අඩංගුවට ගනු ලැබූ අතර අධි චෝදනා 04ක් යටතේ නඩු පවරා තිබුණා.