Friday, April 26, 2024

General line - 0115112241

ශී‍්‍ර ලංකාව බර ඉසිලීමෙන් පදක්කම් බලාපොරොත්තුවක (PHOTOS)

කසුන් කැලුම් - ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ්කෝස්ට් නුවර සිට




21 වැනි පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළලේ ශී‍්‍ර ලංකා කණ්ඩායම බලාපොරොත්තු තබා සිටින තවත් එක් තරග ඉසව්වක් වන්නේ බර ඉසිලීමේ තරග ඉසව්වයි. ඊට එක්වන බර ඉසිලීමේ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් අද (04) ගෝල්කෝස්ට් නුවරදී සිය අවසන් පුුහුණුවිම්වල නිරත වුණා. මෙවර පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළලේ දී ශී‍්‍ර ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදෙන චින්තන ගීතාල් විදානගේද ශී‍්‍ර ලංකාවේ තවත් පදක්කම් බලාපොරොත්තුවක්.

මෙවර බර ඉසිලීමේ ශී‍්‍ර ලංකා කණ්ඩායම පිළිබදව චින්තන ගීතාල් විදානගේ නෙත් ස්පෝට්ස්මන් වෙත දැක්වූයේ මෙවන් අදහසක්.

"මෙවර බර ඉසිලීමේ කණ්ඩායමට ඉකුත් පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළලට වඩා ශක්තිමත් කණ්ඩායමක් ඉන්නවා. ඉකුත් පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළලේ පදක්කම් ආසන්නයේ සිටියේ මමත් සුදේශ් පීරිස් සහ ඉන්දික දිසානායක පමණයි. මෙවර පදක්කම් ජයග‍්‍රහණය කරන්න පුලූවන් පිරිසක් අපිට ඉන්නවා.. බර ඉසිලීමේ ඉසව්වෙන්. ඔලිම්පික් පරිසාධන මට්ටම ඉක්මවා යන්න පුලූවන් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් පිරිසක් ඉන්නවා. අපේ බර ඉසිලීමේ කි‍්‍රඩක කී‍්‍රඩිකාවන් උපරිම දක්ෂතාවලට පැමිණියහොත් මම හිතනවා අපට පදක්කම් කිහිපයක්ම දිනා ගන්නට පුලූවන් වෙයි කියලා. මෙවර ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායකයා වීම ගැනද මං ගොඩාක් සතුටු වෙනවා."
 
  

 

 

------------------------

පොදුරදමඩුලූ කී‍්‍රඩා උළෙල අද ඇරඹේ - ශි‍්‍ර ලංකා නායකත්වය චින්තනට - ශී‍්‍ර ලංකා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 80ක් සටනේ (UPDATE)

(04-04-2018 06:00)

 

ඕස්ටේ‍්‍රලියාවේ ගෝල්ඞ්කෝස්ට් නුවර පැවැත්වෙන 21 වන පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළෙලේ සමාරම්භක උත්සවය කරාරා කී‍්‍රඩාංගණයේදී අද (04) පැවැත්වෙනවා.

 

ඕස්ටේ‍්‍රලියා වේලාවෙන් රාතී‍්‍ර 8 ට ආරම්භවන සම්මාරම්භක උත්සවය පැය 4ක් පුරා පැවැත්වෙන අතර එය ශී‍්‍ර ලංකා වේලාවෙන් ආරම්භ වන්නේ පස්වරු 3.30 ටයි. තිස්පන්දහසකට අධික පේ‍්‍රක්ෂක ධාරිතාවක් පවතින කරාරා කී‍්‍රඩාංගණයේ අද (04) පැවැත්වෙන සමාරම්භක උළෙලේ සියලූ ප‍්‍රවේශ පත‍්‍රද මේ වන විට අලෙවි වී අවසන්.

 

එහි එක් ප‍්‍රවේශ පත‍්‍රයක මිල සටහන් වන්නේ ඔස්ටේ‍්‍රලියානු ඩොලර් 100ක් ලෙසයි. එහි ශී‍්‍ර ලංකා වටිනාකම රුපියල් දොලොස් දහසක් පමණ වනවා. මෙම ප‍්‍රවේශ පත‍්‍ර ඉතා අධික මිළ ගණන් යටතේ ඇතැමුන් අලෙවි කරන අයුරුද ගෝල්ඞ් කොස්ට්නුවරින් වාර්තා වනවා. ඕස්ටේ‍්‍රලියාව පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළෙලකට සත්කාරකත්වය ලබා දෙන 5 වන අවස්ථාවද මෙය වනවා.

 

සමාරම්භක උත්සවය පැවැත්වෙන කරාරා කී‍්‍රඩාංගණය අවට දැඩි ආරක්ෂාවක් යොදා ඇති අතර මේ වන විට ගෝල්ඞ්කෝස්ට් නුවර වෙත සංචාරකයින් හයලක්ෂයකට අධික සංඛ්‍යාවක් පැමිණ සිටිනවා. ඕස්ටේ‍්‍රලියානු සංස්කෘතික අංග රැසක් මෙවර පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළෙළට ඇතුළත් කර ඇති අතර එහි අසිරිය විද ගැනීමට බොහෝ දෙනා සිටින්නේ නොඉවසිල්ලෙන්.

 

කෙසේ වෙතත් කරාරා කී‍්‍රඩාංගණය අවට ඊයේ උදෑසනද වැසි පතිත වුණා. ඔස්ටේ‍්‍රලියානු කාලගුණික අංශ පවසන්නේ ඉදිරි දින කිහිපයේද වැසි තත්වය බලාපොරොත්තු විය හැකි බවයි.

 

මේ හේතුවෙන් එහි පැවැත්වෙන තරග ඉසව්වලටද බලපෑම් එල්ල වනු ඇති. දින 385ක් පුරා පොදුරාජ්‍ය මණ්ඩලයීය රටවල සංචාරය කෙරුණු රැුජිනගේ පණිවුඩය රැගත් යෂ්ටියද මේ වන විට ගෝල්ඞ්කෝස්ට් නුවර වෙත පැමිණ තිබෙනවා. රටවල් 71ක් නියෝජනය කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 6600ක් සහභාගි වනවා.

 

මෙවර ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 80ක් සහභාගි වන අතර ශි‍්‍ර ලංකා කණ්ඩායමට මෙවර නායකත්වය ලබා දෙන්නේ චින්තන ගීතාල් විදානගේ. චින්තන ගීතාල් විදානගේ 2006 වසරේ මෙල්බර්න් නුවර පැවැති 18 වන පොදුරාජ්‍ය මණ්ඩලයීය කි‍්‍රඩා උළෙලේ දී බර ඉසිලීමේ ඉසව්වේ කිලෝග‍්‍රෑම් 62 බර පන්තියේ රන් පදක්කමද දිනා ගැනීමට සමත් වුණා. 2010 වසෙරේ ඉන්දීයාවේ පැවති 19 වන පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළෙලේ දී බර ඉසිලීමේ ඉසව්වේ කිලෝග‍්‍රෑම් 69 බර පන්තියේ රිදී පදක්කම චින්තන ගීතාල් විදානගේ දිනා ගත්තා. ශී‍්‍ර ලංකාව මෙවර කී‍්‍රඩා ඉසව් 15ක් සහභාගි වීමට නියමිතයි. පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළෙළට සහභාගි වන ශී‍්‍ර ලංකා කණ්ඩායම පහතින්..

<

---------------------------

පොදුරදමඩුලු ක්‍රීඩා උළලේ සමාරම්භයට සියල්ල සූදානම් (03-04-2018 09:50)

21 වන පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළලේ සමාරම්භය සඳහා මේ වන විටත් සියලූ කටයුතු සූදානම් කර තිබෙනවා.

සමාරම්භක උළෙල හෙට (04) පැවැත්වෙන්නේ ගෝල්ඞ්කෝස්ට් නුවර කරාරා කී‍්‍රඩාංගණයේදීයි. 2010  වසරේදී 2018 පැවැත්වෙන පොදුරජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළෙලේ සත්කාරකත්වය සදහා තරග වැදුනේ ශී‍්‍ර ලංකාවේ හම්බන්තොට සහ ඔස්ටේ‍්‍රලියාවේ ගෝල්ඞ්කෝස්ට් නගරයි. එහිදී ඡන්ද 43ක් හිමිකර ගනිමින් ඕස්ටේ‍්‍රලියාවේ ගෝල්ඞ්කෝස්ට් නගරය මෙවර පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළලේ සත්කාරකත්වය දිනා ගත්තා. හම්බන්තොටට හිමි වූයේ ඡන්ද 27 ක් පමණයි.

මෙවර පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළෙල සඳහා දැඩි ආරක්ෂාවක් යොදා තිබෙන අතර කී‍්‍රඩා උළෙල ආවරණය කිරීම සදහා මාධ්‍යවේදීන් රැසක් ගෝ්ල්ඞ්කෝස්ට් නුවර වෙත පැමිණ සිටිනවා. මෙවර පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළල සඳහා ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් සහභාගි වන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සංඛ්‍යාව 81 ක්. මෙවර ශී‍්‍ර ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ බර ඉසිලීමේ ශූර චින්තන ගීතාල් විදානගේ.

රටවල් 71ක් නියෝජනය කරමින් කි‍්‍රඩක කී‍්‍රඩිකාවන් රැසක් මෙවර 21 වන පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළෙලට එක්වනවා. හෙට සිට ආරම්භ වන පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළෙල දින 12ක් පුරා ගෝල්ඞ්කෝස්ට් නුවර කරාරා කී‍්‍රඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙනවා.  එහි සියලූ තතු විත්ති ගෙන එ්මට නෙත් ස්පෝර්ට්ස්මන් සූදානම්.  

-------------------------------

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට දැඩි ආරක්ෂාවක් (UPDATE)

(03-04-2018 06:10)

 

21 වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා සියළු කටයුතු මෙවන විටත් සූදානම් කර තිබෙනවා.  එහි සමාරම්භක අවස්ථාව හෙට (04)  ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කොස්ට් කරාරා ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා දැඩි ආරක්ෂාවක් ලබාදී ඇති බවයි එහි ගොස් සිටින නෙත් නිවුස් මාණ්ඩලික වාර්තාකරු කසුන් කැළුම් කුමාර කියා සිටියේ.

ඔහු, එහි සූදානම හා බැඳුනු නවතම තොරතුරුත් සමගින් ගෙන එන වාර්තාව පහතින් අහන්න.

--------------

පොදුරදමඩුලු ක්‍රීඩා ගම්මානයෙන් සිරින්ජර් තොගයක් හමු වෙයි - ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හානියක් නැහැ (02-04-2018 17:43)

පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා ගම්මානයේ තිබී එන්නත් සදහා යොදා ගන්නා සිරින්ජර් තොගයක් සොයාගෙන තිබෙනවා. මේවා ඉන්දීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් භාවිත කර ඇති බවටයි සැක කෙරෙන්නේ. ඔවුන්ගෙන් කිහිපදෙනකු ඩී එන් ඒ පරීක්ෂණයක් සදහාද යොමු කිරීමට නියමිතයි.

පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙළට එක්ව සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද (02) ක්‍රීඩා ගම්මානයේදී ඕස්ට්‍රේලියානු ක්‍රීඩා බලධාරීන් විසින් පිළිගනු ලැබුවා. ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ද එම අවස්ථාවට එක්ව සිටියා.

21 වන පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළෙලේ සමාරම්භය සදහා මේ වන විටත් සියලූ කටයුතු සූදානම් කර තිබෙනවා. සමාරම්භක උළෙල ලබන 04 වෙනිදා පැවැත්වෙන්නේ ගෝල්ඞ්කෝස්ට් නුවර කරාරා කී‍්‍රඩාංගණයේදීයි.