Friday, April 26, 2024

General line - 0115112241

හිසතෙල් ගෑමේ නැකත එළඹේ (UPDATE)

ඩිල්ෂාන් මඩවල




උදාවූ සිංහල සහ දෙමළ අලූත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ නැකැත් චාරිත‍්‍රය අද (16) උදෑසන 10.16ට එළඹුණු සුභ මොහොතින් ආරම්භ කෙරුණා.

සුදු පැහැති වස්ත‍්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා හිසට දිවුල්පත්ද, පයට ඉඹුල්පත්ද තබා තෙල් හා දිවුල් පත් මිශ‍්‍ර නානුද ගා ස්නානය කිරීම සුදුසු බවයි අවුරුදු නැකැත් සීට්ටුවේ සඳහන් වන්නේ.

උදාවූ අලූත් අවුරුද්ද පුරා නිරෝගී සුව සලසා ගැනීමට මෙම චාරිත‍්‍රය ඉටු කිරීමේ අපේක්ෂාව වනවා. 

-------------------------------

හිසතෙල් ගෑමේ චාරිත්‍රය අද

(16-04-2018 05:46)

 

උදාවූ සිංහල සහ දෙමළ අලූත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ චාරිත‍්‍රය අදට (16) යෙදී තිබෙනවා. උදෑසන 10.16ට සුදු පැහැති වස්ත‍්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා හිසට දිවුල්පත්ද, පයට ඉඹුල්පත්ද තබා තෙල් හා දිවුල් පත් මිශ‍්‍ර නානුද ගා ස්නානය කිරීම සුදුසු බව අවුරුදු නැකැත් සීට්ටුවේ සඳහන්.

උදාවූ අලූත් අවුරුද්ද පුරා නිරෝගී සුව සලසා ගැනීමට මෙම චාරිත‍්‍රය ඉටු කිරීමේ අපේක්ෂාව වනවා. 

හිස තෙල් ගෑමේ චාරිත‍්‍රය නිවැරදිව ඉටු කිරිමට නෙත් එෆ් එම් රේඩියෝවද අද කටයුතු කරනවා. ඒ නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදීයි. 

කෝට්ටේ රාජමහා විහාරස්ථානයේද අද හිසතෙල්ගෑමේ චාරිත‍්‍රය උත්සවශී‍්‍රයෙන් සිදු කෙරෙන බවයි එහි විහාරාධිපති ආචාර්ය පූජ්‍ය අලූත්නුවර අනුරුද්ධ හිමියන් සඳහන් කර සිටියේ.

මේ අතර හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය අද සිදු කෙරෙන්නේ අත්තනගල්ල රාජමහා විහාරස්ථානයේදීයි. කතානායක කරු ජයසූරිය මහතාගේ සහ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ ප‍්‍රධානත්වයෙන් එම උත්සවය සංවිධාන කර තිබෙනවා.