Friday, April 26, 2024

General line - 0115112241

කිළිනොච්චියේ මුදල් නෝට්ටු අච්චු ගහන තැනක් හමුවෙයි




ධර්මපුරම් පුදුකාඩු ප්‍රදේශයේදී ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ධර්මපුරම් පොලිසිය පැවසුවේ ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී රුපියල් 500යේ ව්‍යාජ නෝට්ටුවක් සමග එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනුණු බවයි.

පසුව එම ව්‍යාජ නෝට්ටුව මුද්‍රණය කිරීම සඳහා යොදාගත් ලැප්ටොප් පරිගණකය සන්තකව තබාගෙන සිටී සැකකරුවෙකු සහ ඔවුන්ට නවාතැන් ලබාදුන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් අද (17) කිළිනොච්චි මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.