Friday, April 26, 2024

General line - 0115112241

ජනපති පාර්ලිමේන්තු වාර අවසන් කළ හේතුව රාජිත හෙළි කරයි (UPDATE)




ජනාධිපතිවරයා විසින් ඉකුත් 12 වැනිදා දිනැතිව පාර්ලිමේන්තුවේ වාර අවසාන කළේ වෙනස්කම් ගණනාවක් සහිතව පාර්ලිමේන්තුවේ කටයුත අලූතෙන් ආරම්භ කිරීමට බව අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

අමාත්‍යවරයා ඒ බව පැවසුවේ ඊයේ (18) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනේදී කළ ප‍්‍රශ්ණ කිරීමකදීයි.

එහිදී අමාත්‍ය රාජිත සේනාරත්න සඳහන් කළේ"

"මේ ආණ්ඩු පක්ෂයේ කියන 16 දෙනා බොහොමයක් කාරක සභාවල හිටියනේ... ගිය කට්ටිය.. අලුතෙන් ඇතිවුණ තත්ත්වය යටතේ ඒ අයවත් ඉවත් කරලා..කාරක සභා නැවත අලුත් කරලා..අලුත් සැසි වාරයකින් අලුත් ගමනක් යන්න තමයි ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව කල් තැබුවේ.. රාජාසන කතාවක් කරලා.. නව ප්‍රතිපත්ති ප්‍රකාශනය නිකුත් කරලා ඉදිරියට යන්න සැළසුම් කරලා තියෙනවා." යනුවෙන්.

වක‍්‍ර බදු පනවමින් තවදුරටත් ජනතාව පීඩාවට පත් කිරීමට ද ආණ්ඩුව ඉදිරියේදී කටයුතු නොකරන බව අමාත්‍ය රාජිත සේනාරත්න මෙහිදී කියා සිටියා. ඉකුත් පළමු වැනිදා සිට ක‍්‍රියාත්මක නව දේශීය ආදායම් බදු පනතෙන් ද සිදුකර ඇත්තේ වක‍්‍ර බදු නොව සෘජු බදු වැඩිකිරීමක් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. එහි බලපෑම ඇතිවන්නේ ජනතාවගෙන් ඉතා සුළුතර කණ්ඩයමකට බවද මෙහිදී පැහැදිළි කෙරුණා. 

 

----------------------------------------

"ඉන්ධන මිළ වැඩි විය හැකියි - වත්මන් ආණ්ඩුවේ ලොකුම දුර්වලතාවයත් හෙළිවෙයි"

(19-04-2018 06:52)

 

ඉන්ධන මිළ ඉදිරියේදී වැඩිවිය හැකි බවට ඉඟි පළවනවා. 

ඊයේ (18) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටර්ඩ් වැඩසටහනේදී ඒ පිළිබද කෙරුණු ප‍්‍රශ්ණ කිරීමකට අමාත්‍ය රාජිත සේනාරත්න දැක්වූයේ මෙවන් ප‍්‍රතිචාරයක්.

"යම් වැඩිවීමක් අපි කළ යුතුයි. ඒක තමයි යතාර්ථය.. අපි අවුරුදු 03ක් ඉන්ධන මිල ස්ථාවරව පවත්වාගෙන ගියා.. කිසිම ආණ්ඩුවක් එහෙම කළේ නෑ.. පෙට්‍රල් රුපියල් 41කින්..ඩීසල් රුපියල් 25කින්..භූමිතෙල් රුපියල් 71කින්..ගෑස් රුපියල් 1300කින් අපි අඩු කළා. මේ වගේ මිල අඩු කරනකොට ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරල් එකක් මිල තිබුණේ ඩොලර් හතලිස් ගණනක..අද ඒක ඩොලර් හැත්තෑ ගාණකට ගිහිල්ලා..ඒ නිසා යම් පාඩුවක් අපි ලබනවා."

වත්මන් ආණ්ඩුවේ ඇති ලොකුම දුර්වලතාව පිළිබදවද අමාත්‍ය රාජිත සේනාරත්න මෙහිදී අනාවරණ කළා. 

"ආණුඩුවක් මොනා දුන්නත් වැඩක් නෑ.. දුන්න එක කියන්න ඕනේ.. එතකොටයි මිනිස්සුන්ට මතක් වෙන්නේ..මහින්ද රාජපක්ෂ මැතිතුමා කළෙත් ඒකනේ. හම්බන්තොට වරාය හදනකොට නුවරත් පෝස්ටර් ගහනවා.. මේ ආණ්ඩුවේ තියෙන ලොකුම දුර්වලකම තමයි කරපු වැඩ ටිකවත් කියන්නෙ නැති එක. එහෙම කියන්නේ නැතිව... මේ ජාතික රජය යටතේ එක එකා කා ගත්තා මිසක් වෙන කරපු දෙයක් නෑ. "

ඊයේ (18) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටර්ඩ් මෙම වැඩසටහන පහතින් දැක්වෙයි.