Friday, April 26, 2024

General line - 0115112241

සිසුන් තිදෙනෙක් ඇසිඩ්වල ගිල්වා මරා දමයි (PHOTOS)

දිනුක් හේවාවිතාරණ - විදෙස් පුවත් ඇසුරෙන්




පසුගිය මාසයේදී මෙක්සිකෝවේ බටහිර ජලිසෝ ප්‍රාන්තයේදී  පැහැරගෙන ගිය මෙක්සිකානු සරසවි සිසුන් තිදෙනෙකු ඝාතනය කොට ඔවුන්ගේ සිරුරු ඇසිඩ් වල බහා විනාශ කර ඇති බව එරට බලධාරීන් කරුණු අනාවරණය කරගෙන තිබෙනවා.එම සිද්ධිය අනාවරණය වීමත් සමග මෙක්සිකෝව තුල මේ වන විට අර්බුධකාරී තත්ත්වයක් මතුව තිබෙනවා.

පසුගිය මාර්තු මස 19 වනදා පැහැරගෙන ගොස් තිබු මෙම සරසවි සිසුන් තිදෙනාගේ සිරුරු වල කොටස් ගොවිපලක තිබි සොයා ගැනීමට එරට බලධාරීන්ට හැකිවී තිබෙනවා. ජාලිස්කෝ නම් කල්ලියක් විසින් මෙම පැහැර ගැනීම සහ ඝාතනයන් සිදු කර ඇති බවයි ඔවුන් චෝදනා කරන්නේ. 

මෙම තරුණයින්ගේ මෝටර් රථය කාර්මික දෝෂයට ලක්ව සිටියදී එම ස්ථානයට කඩා වැදුණු මෙම සංවිධානාත්මක අපරාධ කල්ලිය තමන් පොලිසිය බව සඳහන් කරමින් ඔවුන් පැහැර ගෙන ගොස් ඇති බවයි.

පසුගිය ජනවාරි මාසයේදී මෙම ප්‍රදේශයේදී ඉතාලි ජාතිකයින් තිදෙනෙක් අතුරුදහන් ව ඇති බවත් ඔවුන්ද මෙම සංවිධානය විසින් පැහැර ගෙන ගොස් ඇති බවයි විශ්වාස කරන්නේ. 2006 වසරේ සිට මෙක්සිකානු රජය විසින් සංවිධානාත්මක අපරාධ කල්ලි වලට එරෙහිව සිය මෙහෙයුම් ආරම්භ කල අත‍ර ඉන් පසුව මේ දක්වා වන කාලසීමාව තුල පුද්ගලයින් 200,000 කට ආසන්න පිරිසක් මිය ගොස් හෝ අතුරුදහන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

2014 වසරේදී ද මෙක්සිකෝ පාතාල සංවිධානයක් විසින් සිසුන් 43 දෙනෙක් පැහැර ගෙන ගොස් ඝාතනය කර තිබුනා.