Friday, April 26, 2024

General line - 0115112241

කැනඩාවේදී වෑන් රථයක් ධාවනය කිරීමෙන් මියගිය පිරිස අතර ශ්‍රී ලාංකික කාන්තාවක්

හේමන්ත කහවලගේ




කැනඩාවේ ටොරොන්ටෝ නගරයේදී පදිකයින් පිරිසක් වෙතට වෑන් රථයක් ධාවනය කිරීමෙන් සිදුවූ අනතුරින් මිය ගිය පිරිස අතර ශ්‍රී ලාංකික කාන්තාවක්ද සිටින බව අනාවරණය වී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ රේණුකා අමරසිංහ නැමැති 48 හැවිරිදි කාන්තාවක්. ඇය මෙරට හොරණ ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක් බවට ද අනාවරණ වී තිබෙනවා. වයස අවුරුදු 7ක පමණ කුඩා දරුවෙකු සිටින මෙම කාන්තාව කැනඩාව තුළ තනිව ජීවත් වී ඇතැයි සඳහන්.

ඇය කැනඩාවේ පුරවැසිභාවය ද ලබා ගෙන ඇති බැවින් අවසන් කටයුතු කැනඩාවේදීම සිදු කරනු ඇති බවයි වාර්තා වන්නේ. ටොරොන්ටෝ නගරයේ සිදු වූ මෙම අනතුරින් පුද්ගලයින් දස දෙනෙකුට ජීවිත අහිමි වු අතර තවත් 15 දෙනෙකු තුවාල ලැබුවා.