Friday, April 26, 2024

General line - 0115112241

අධි වේගයේ අධි වේගයෙන් යන වාහන අල්ලන්න පොලිසියට ලැබුණ නවීන උපකරණ අත්හදා බැලේ (PHOTOS)




අධිවේගී මාර්ගයන්හි වේග නියාමනයට මෙතෙක් කල් භාවිත කරුනු ලැබුවේ, රථ වාහන පොලිසිය වසර ගණනාවක් තිස්සේ භාවිත කරනු ලබන සාමාන්‍ය වේගමාපක උපකරණමය. එමගින් වේගය මැන වේග සීමාව ඉක්මවා යන වාහනයක් වේනම් අදාල වාහනයේ අංකය හුවමාරු මධ්‍යස්ථානයන්හි ඇති පොලිස් මැදිරිවෙත දැනුම් දීම මෙතෙක් අනුගමනය කළ ක්‍රමය විය.

නමුත් ඊට වඩා දියුණු තාක්ෂණයෙන් යුත් වේග මාපක උපකරණ අධිවේගී මාර්ගයේ පොලිස් කොට්ඨාශය වෙත ලබා දීම කලක සිටම කතා බහට ලක්වූ කරුණක් විය. එමගින් වේග සීමාව ඉක්මවා යන වාහනයක් හසුවූ විට වාහන අංකය ඒ මොහොතේ ගමන්ගත් වේගය ඇතුළු සියළු තොරතුරු හුවමාරු මධ්‍යස්ථානයන්හි ඇති පොලිස් මැදිරිවෙත ක්ෂණිකව ලබා දිය හැකිය. 

ඒ සඳහා ගෙන්වන ලද වේග මාපක උපකරණ පොලිස් නිලධාරීන් විසින් අත්හදා බැලීම පසුගිය දිනවල සුදු කෙරුණු අයුරුයි මේ.