Friday, April 26, 2024

General line - 0115112241

ප‍්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙකුගේ ඥාතියෙක් බන්ධනාගාර නිලධාරීන්ගෙන් පළායයි

නිශාන් ද සිල්වා




කුප‍්‍රකට මත්කුඩු ජාවාරම්කරුවෙකු වන අබූෂ් නැමැත්තාගේ ඥාතියෙකු බන්ධනාගාර රෝහලෙන් පලා යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරික්ෂණ ආරම්භ කරන ලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා තිබෙනවා.

ඊට අමතරව මෙම සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර මූලස්ථානය හා වැලිකඩ බන්ධනාගාරයද පරික්ෂණ ආරම්භ කර ඇති බවයි බන්ධනාගාර කොමසාරිස්  ජනරාල් නිශාන් ධනසිංහ නෙත් නිවුස් වෙත කියා සිටියේ. පළාගිය සැකකරු මොහොමඞ් ෆවුස් සියාම් නමැත්තෙක්. හොරොයින් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලබා ඔහු කොළඹ රිමාන්ඞ් බන්ධනාගාර ගත කර සිටියා.