Friday, April 26, 2024

General line - 0115112241

IPL අවසන් වටය ටිකෙන් ටික උණුසුම් වෙයි

කසුන් කැලුම් - අන්තර්ජාලය ඇසුරෙන්




මෙවර අයි. පී. එල්. කි‍්‍රකට් තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ඊයේ (19) රාති‍්‍රයේ සමත්වුණා.

ඒ සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායම සමග පැවැති තිරණාත්මක තරගයෙන් කඩුළු 05ක ජයක්  වාර්තා කරමින්.

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අයි. පී. එල්. කි‍්‍රකට් තරගාවලියේ අවසන් වටයට පිවිසි තුන්වන කණ්ඩායම වනවා. 

මේ වනවිට එම වටය සඳහා සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම් ද සුදුසුකම් ලබා අවසන්.

ඊයේ පැවැති තිරණාත්මක තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායම නියමිත පන්දුවාර 20 දී කඩුලූ 09ක් දැවී ලකුණු 172ක් රැස්කිරීමට සමත්වුණා. කොල්කටා කි‍්‍රඩකයින් එම ඉලක්කය පසුකර ගියේ අවසන් පන්දු වාරයේදීයි.

බිඳ වැටුනු කඩුළු සංඛ්‍යාව 05ක්. අයි. පී. එල්. කි‍්‍රකට් තරගාවලියේ අවසන් වටයට පිවිසීම සඳහා තවත් එක් කණ්ඩායමකට අවස්ථාවක් තිබෙනවා. මුම්බායි ඉන්දියන්ස් හා කිංග්ස් ලෙවන් පන්ජාබ් කණ්ඩායම් සහභාගී වන මුලික වටයේ අවසන් තරගවල ප‍්‍රතිපල අනුව ඊට සුදුසුකම් ලබන කණ්ඩායම තීරණය වනු ඇති.