Friday, April 26, 2024

General line - 0115112241

කොදෙව්වන් දැඩි අර්බුදයක - ශ්‍රී ලංකා කොදෙව් අවසන් සටන වෙනස් කරන්න සැළසුමක්

කසුන් කැළුම්




සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් සහ ශී‍්‍ර ලංකාව අතර පැවැත්වීමට නියමිත තුන්වන ටෙස්ට් තරගය වෙනුවට එක්දින තරග 2ක් හෝ විස්සයි විස්ස තරග 3ක් පැවැත්වීම කෙරෙහි අවධානය යොමුව තිබෙනවා. 

ඒ පිළිබදව සාකච්ඡා කරමින් සිටින බවයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පැවසුවේ. 

බටහිර ඉන්දීය කොදෙව් කි‍්‍රකට් පාලක මණ්ඩලය මේ වන විට දැඩි මූල්‍ය අර්බුධයකට මුහුණපා සිටින බැවින් මෙම යෝජනාව ඉදිරිපත්ව තිබෙනවා.

ශී‍්‍ර ලංකාව සහ කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියද සංවිධාන කර ගත නොහැකි මට්ටමක පවතින බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ. මෙම ටෙස්ට් තරගාවලිය අවලංගු කිරීමේ සූදානමක් පවතින බව මීට පෙර විදෙස් මාධ්‍ය ද වාර්තා කර තිබුණා. 

ඒ පිළිබද කළ විමසීමකදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා කියා සිටියේ තරගාවලිය සැලසුම් කර පරිදි පවත්වන බවත්, එක් ටෙස්ට් තරගයක් වෙනුවට එක්දින තරග දෙකක් හෝ විස්සයි විස්ස තරග 3ක් පැවැත්වීමට තමන් යෝජනා කළ බවයි. 

ඒ පිළිබද අවසන් තීරණයක් ඉදිරි දින කිහිපයේදී ගැනීමට නියමිතව තිබෙනවා. ශී‍්‍ර ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගය ලබන ජූනි මස 06  වැනිදා ටි‍්‍රනිඩෑඞ් හි ආරම්භ වීමට නියමිතයි.