Friday, April 26, 2024

General line - 0115112241

ගංගාවල ජල මට්ටම ක්‍රමයෙන් අඩු වෙමින් පවතී




ගංගාවල ජල මට්ටම ක‍්‍රමයෙන් අඩුවෙමින් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

කැළණි ගගේ ගංවතුර මට්ටම තවදුරටත් පවතින්නේ නාගලගන්වීදිය ප‍්‍රදේශයේ පමණයි. හංවැල්ල ප‍්‍රදේශයෙන් අනතුරුදායක ජල මට්ටම අඩුවෙමින් තිබෙනවා.

කළු ගගේ ද ගංවතුර මට්ටම පවතින්නේ ඇල්ලගාව ප‍්‍රදේශයේ පමණයි. මිල්ලකන්ද, පටුපවුල හා රත්නපුර යන ප‍්‍රදේශවල ගංවතුර මට්ටමේ තිබූ ජල මට්ටම ක‍්‍රමයෙන් අඩුවෙමින් තිබෙනවා.

ගිං ගගේ ද  තවදුරටත් ගංවතුර මට්ටමක් පවතින්නේ බද්දේගම ප‍්‍රදේශයෙන් පමණක් බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ. තවලම ප‍්‍රදේශයෙන් ගිං ගඟ සාමාන්‍ය තත්ත්වයට පත්ව තිබෙනවා.

නිල්වලා ගඟේ ද පනාදුගම ප‍්‍රදේශයේ ගංවතුර මට්ටම ක‍්‍රමයෙන් අඩුවෙමින් ඇති බවයි පැවසෙන්නේ. මා ඔය සහ අත්තනගලූ ඔයේද ජල මට්ටම ක‍්‍රමයෙන් අඩුවන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවා.