Saturday, April 27, 2024

General line - 0115112241

කලු ගඟේ ජල මට්ටම තව දුරටත් ඉහල යයි

සමන්ත කුමාර / පසන් නන්දුල




කලු ගඟේ ජල මට්ටම යළි ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අධ්‍යක්‍ෂ මාලා අලවතුගොඩ පැවසුවේ රත්නපුර, ප‍්‍රදේශයට පසුගිය පැය 06 ක කාලය ඇතුළත තද වැසි ඇදහැලී ඇති බැවින් කලු ගඟේ ජල මට්ටම අද රාති‍්‍රය වනවිට තවදුරටත් ඉහළ යා හැකි බවයි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අද පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකදී වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අධ්‍යක්‍ෂ මාලා අලවතුගොඩ ඒ පිිළිබඳ වැඩිදුරටත් කරුණු දැක්වූයේ මෙලෙසයි.