Friday, April 26, 2024

General line - 0115112241

අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පුරුවේ : උදර්පණ නිතිය යටතේ මෙරටට රැගෙන එනවා

අධිකරණ වාර්තාකරු




හිටපු මහ බැංකුවේ අධිපති අර්ජුන මහේන්ද්‍රන් මේ වන විට සිංගපූරුවේ සිටින බවත් ඔහුව උදර්පන නීතිය යටතේ මෙරටට පිටුවහල් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව නීතිපතිවරයා අද (24) අධිකරණයට දැනුම් දුන්නා .

අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසිය රතු නිවේදනයක් නිකුත් කර ඇති බවත් ඔහු සිංගපූරු ජාතිකයෙකු බැවින් උදර්පන නීතිය යටතේ ඔහු මෙරටට ගෙන ඒමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවශ්‍ය කටයුතු සිදු කරන බව අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටිමින් අධිකරනයට පැවසුවේය .

මේ අතර පර්පෙචුවල් ට්‍රෙසරිස් පුද්ගලික සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන යන අය ජූනි 7 වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

සැකකරුවන්ට එරෙහිව පොදු දේපල පනත යටතේ චෝදනා එල්ල වී ඇති බැවින් ඔවුන් ඇප මත මුදාහැරීමට තරම් සුවිශේෂි කරුණු අධිකරණය හමුවේ අනාවරණය නොවන බවට මීට පෙර මහේස්ත‍්‍රාත්වරිය පවසා සිටියා. ඒ අනුව ඔවුන් ඇප මත මුදාහැරීම අධිකරණය ප්‍රතික්ෂේප කළා.

2015 වර්ෂයේ පෙබරවාරි මස 27 දා සිදු වූ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී සිදුවී ඇතැයි කියන වංචාව සම්බන්ධයෙන් මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය මීට පෙර වරෙන්තුවක් නිකුත් කළා.