Friday, April 26, 2024

General line - 0115112241

මුරලි ෂාරුක්ගේ අයි.පී.එල් සිහිනය බොඳ කරයි

කසුන් කැළුම්




අයි පී එල් කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සන් රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ඊයේ (25) සමත් වුණා. ඒ, ශාරුක් ඛාන් හිමිකාරිත්වය දැරූ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ලකුණු 14 කින් පරාජය කරමින්.

මුත්තයියා මුරලිදරන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ පන්දු යැවීම් පුහුණුකරු ලෙස කටයුතු කරනවා. ඇෆ්ගනිස්ථානයේ දඟ පන්දුයවන ක්‍රීඩක රෂීඩ් ඛෘන්ගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ කොල්කටා ක්‍රීඩකයින් අසරණ වුණා. රෂීඩ් ඛාන් සිය පන්දුවාර 4දී ලකුණු 19කට කඩුලු 3ක් දවා ගනිමින් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අයි පී එල් අවසන් තරගයට රැගෙන ගියා.

කොල්කටා නුවර ඊඞ්න් ගාර්ඞ්න් කී‍්‍රඩාංගණයේ පැවති එම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් සන් රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම නියමිත පන්දුවාර විස්සේදී කඩුළු 7 ක් දැවී ලකුණු 174 ක් රැස් කළා. එම ඉලක්කය හඹා ගිය කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර විස්සේදී කඩුළු 9 ක් දැවී රැස්කර ගත හැකි වුයේ ලකුණු 160 ක් පමණයි.

සන් රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අයි පී එල් තරග ඉතිහාසයේ අවසන් මහා තරගයට පිවිසි දෙවන අවස්ථාව මෙය වනවා. 2016 වසරේදී ඔවුන් අයි පී එල් ශූරතාව දිනා ගැනීමටද සමත් වුණා. මෙවර අයි පී එල් කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහා තරගය චෙන්නායි සුපර් කිංග්ස් සහ සන් රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම් අතර මුම්බායිහිදී හෙට (27) පැවැත්වීමට නියමිතයි.