Friday, April 26, 2024

General line - 0115112241

අධික වැස්සෙන් ලුණුවලට වෙච්ච දේ (PHOTOS)

ප්‍රියංකර කළුපහණ




පුත්තලම ඇතුළු ප්‍රදේශයන් රැසකට ඇදහැලෙමින් පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් පුත්තලමේ ලුණු  කර්මාන්තට දැඩි බාධා එල්ල වෙමින්  තිබෙන බව කර්මාන්තකරුවන් මැසිවිලි නගනවා.

පුත්තලම, සෝල්ටන්, ආනකුත්තුව, සේවන්තිව්, මනතිව්, ඇතුළු තවත් ස්ථාන කිහිපයක මෙම වර්ෂාපතනය හේතුවෙන් ලුණු නිෂ්පාදන කටයුතු  සම්පූර්ණයෙන් අඩාල වී ඇන හිට ඇති බවයි කර්මාන්තකරුවන් පෙන්වා දෙන්නේ. 

පසුගිය මාස කිහිපය තුල පුත්තලම ඇතුළු ප්‍රදේශයන් රැසකට බලපා තිබූ දැඩි නිගයට මද විරාමයක් දෙමින් ඇදහැලුන මෙම ධාරාණිපාත වර්ෂාවත් සමඟ ඇති වෙමින් තිබූ ජල ගැලීම් හේතුවෙන් ලුණු ලේවා වෙත අධික වැසි ජලය ගලා ඒම සිදු වනවා.

මේ හේතුවෙන් ලුණු නිෂ්පාදන කටයුතු සිදුකර ගැනීමට අපහසු බවත්, ලේවාවල නිෂ්පාදන වෙමින් තිබූ ලුණු බහුතරයක් ජලයට සේදී දියවී ගොස් ඇති බවත් කර්මාන්තකරුවන් පෙන්වා දෙනවා.