Friday, April 26, 2024

General line - 0115112241

මුදලට තණතීරු සැකසීමේ සිද්ධිය ගැන CID යට පැමිණිල්ලක්

පවිත්‍රා මදුහර්ෂණි




ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගනයේ සිදුවූ බව කියන තරග පාවාදිම සම්බන්ධයෙන් අල් ජසීරා පුවත් සේවය කළ අනාරවණය පිළිබඳ අපරාධ පරික්ෂණ දෙපාර්තමේනතුවට පැමිණිලි කිරීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කර තිබෙනවා. ඒ ඊයේ (26) පස්වරුවේ කි‍්‍රකට් ආයතනයේ විධායක කමිටුව රැස්ව සිදුකළ විශේෂ සාකච්ඡාවකින් අනතුරුවයි. 

බුකිකරුවන් සමග සබඳතා පවත්වා ඇති බවට චෝදනා ලැබ සිටින ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගනයේ සහය කළමනකාරු සහ තනතීරු සකසන්නා වන තරංග ඉන්දික සහ  පළමු පෙළ කි‍්‍රඩකයෙකු වන තිරුඳු මෙන්ඩිස්ගේ  සියලූ කි‍්‍රකට් කටයුතු අත්හිටුවීමටයි මෙහිදි තීරණය කර ඇත්තේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය සිදු කරන පරික්ෂණ සඳහා පූර්ණ සහය ලබා දෙන බවද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සඳහන් කළා. 

එසේම අදාළ සිද්ධිය සම්බන්ධයෙන් දින 03ක් ඇතුලත වාර්තාවක් සැකසීම සඳහා ශි‍්‍ර ලංකා කි‍්‍රකට් කවුන්සිලය විසින් විශේෂ ති‍්‍රපුද්ගල කමිටුවක්ද පත් කර තිබෙනවා. එම කමිටුවේ සාමාජිකයින් ලෙස නම් කර ඇත්තේ මොහාන් ද සිල්වා, කොමදෝරු රොෂාන් බියන්විල සහ චන්න වීරක්කොඩියි. සිද්ධිය සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සහ ඉදිරියේදී මෙවැනි සිද්ධින් සිදුවීම වැළැක්වීම සඳහා ආරක්ෂණ ක‍්‍රමවේදයක් ඉදිරිපත් කිරීම අදාළ කමිටුවට පැවරී ඇති වගකීම් වනවා. 

කි‍්‍රඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆාද මෙම තරග පාවාදීමේ සිද්ධිය පිළිබඳව පරික්ෂණයක් ආරම්භ කරන ලෙස ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ලේකම්වරයාට ලිපියකින් දැනුම් දුන්නා. 

මේ අතර ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය දුෂණ විරෝධී ඒකකය විසින් මෙම තරග පාවාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණයක් ආරම්භ කර තිබෙනවා. එම කවුන්සිලය පවසන්නේ එහිදී අදාල චෝදනාවට සම්බන්ධ සියලූ සාමාජික රටවල් සමග සහයෝගයෙන් කටයුතු කරන බවයි. එසේම සිය පරික්ෂණ විධිමත්ව සිදු කර ගැනීම සඳහා නිවැරදි සාක්ෂි සහ තොරතුරු ලබා දෙමින් සහාය පළ කරන ලෙස අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලය අල් ජසීරා පුවත් සේවයෙන්ද ඉල්ලීමක් කර තිබෙනවා.