Friday, April 26, 2024

General line - 0115112241

ශූරියන් වූ බංග්ලාදේශට ලොකු තෑග්ගක් ලැබෙයි

කසුන් කැළුම් - අන්තර්ජාලය ඇසුරෙන්




ආසියානු කුසලානය දිනාගත් බංග්ලාදේශ කාන්තා කි‍්‍රකට් කණ්ඩායමට බංග්ලාදේශ මුදලින් කෝටි දෙකක මුදල් ත්‍යාගයක් පිරිනැමීමට එරට කි‍්‍රකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා.

මැලේසියාවේ පැවති මෙම තරගාවලියේදී බංග්ලාදේශ කී‍්‍රඩිකාවන් ප‍්‍රබල ඉන්දීය කාන්තා කණ්ඩායම පරාජය කරමින් ඉතිහාසයේ පළමු වරට ආසියානු කාන්තා කි‍්‍රකට් ශූරතාව දිනාගත්තා.

මීට පෙර පැවති ආසියානු කුසලාන ආසියානු කි‍්‍රකට් ශූරතා තරගාවලි හයේම ශූරියන් බවට පත්වුණේ ඉන්දියාවයි. මෙවර තරගාවලියේ ශූරතාව දිනාගත් බංග්ලාදේශ කාන්තා කණ්ඩායම ශී‍්‍ර ලංකා කාන්තා කණ්ඩායම හමුවේ පමණක් පරාජයට පත්වීම විශේෂත්වයක්.