Friday, April 26, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා නායකයා කටයුතු කළ ආකාරය ගැන ICCයෙන් පියවරක් ගන්න සැරසේ




සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගයේ දී පන්දුව මාරු කිරීමට යාමේදී එම පන්දුවේ තත්ත්වය පිළිබඳ ඇතිවූ මතභේදාත්මක තත්ත්වයක් හේතුවෙන් ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් ඊයේ (16) පිටියට පිවිසීම ප‍්‍රතික්ෂේප කළා.

ගැටලූව විසඳන තුරු ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් පිටියෙන් ඉවත්ව සිටි අතර ඒ හේතුවෙන් පැය දෙකක පමණ කාලයක් තරගය නතර වී තිබුණා.

මෙම මතභේදාත්මක සිද්ධියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් ICCය චෝදනා ගොනු කිරීමට පියවර ගෙන තිබෙනවා.

මේ අතර ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය නිවේදනය කළේ අදාළ අවස්ථාවේ ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් ගනු ලැබූ කි‍්‍රයාමාර්ගය සම්බන්ධයෙන් යම් ගැටලූවක් මතුවුවහොත් ඔවුන් වෙනුවෙන් පෙනී සිටින බවයි.