Wednesday, May 8, 2024

General line - 0115112241

පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කෙරේ

නිශාන් ද සිල්වා




පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය අද සහ හෙට සීමා කර තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය පැවසුවේ සීදුව සහ කටුනායක අතර පාලමක අලූත්වැඩියාවක් හේතුවෙන් මෙලෙස දුම්රිය ධාවනය සීමා කර ඇති බවයි. ඒ අනුව කොළඹ සිට පුත්තලම දක්වා ඍජු දුම්රිය සේවා අද (23) උදෑසන 08.00 සිට හෙට පස්වරු 04.00 දක්වා කි‍්‍රයාත්මක වන්නේ නැහැ.

කොළඹ සිට ධාවනය කෙරෙන දුම්රිය සීදුව දුම්රිය ස්ථානය දක්වා සීමා වනවා. මීගමුව සහ පුත්තලම අතර වෙනම දුම්රිය කිහිපයක් ධාවනය වන බවයි දුම්රිය අතිරේක සාමාන්‍යාධිකාරී විජය සමරසිංහ පැවසුවේ.