Friday, April 26, 2024

General line - 0115112241

රෝස තිරිවානා කන්දේ අලුත්ම හඳුනාගැනීම ගැන පරිසර සංවිධානයක් හෙළි කරයි

හේවා පී කරුණාරත්න




රෝස තිරිවානා ලෙසට උකුවෙල, උඩතැන්න රත්වත්තවත්තේ කැණිම් සිදු කෙරෙන්නේ 'සෙව්වන්දි' නැමැති මැණික් විශේෂයක නිධියක් බව ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥයෙකු වන ඇන්ටන් ජයකොඩි පවසනවා. 

පාරිසරික වශයෙන් හානිකර අන්දමට කඩා ඉවත් කෙරෙන මෙම පාෂාණය පිළිබදව පරිසරවේදීන් හා පරිසර සංවිධාන එක්ව දක්වන විරෝධතා පිළිබඳව සොයා බැලීමට පැමිණ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ඇන්ටන් ජයකොඩි විසින් මෙම පාෂාණ නිධිය සෙව්වන්දි නැමැති මැණික් විශේෂය ලෙසට හඳුනාගත් බව පරිසර සංවිධානයක් වන ගැපෙක් ශ්‍රී ලංකා ආයතනයේ අධ්‍යක්ෂ ගාමිණි ජයතිස්ස පවසනවා. 

ස්වර්ණාභරණ තැනීමට යොදා ගන්නා සේව්වන්දි පාෂාණය රෝස තිරිවානා ලෙසට විකිණීම ජාතික වශයෙන් හිමිවීමට ඇති ඉහළ ආදායමක් අහිමි කර ගැනීමක් බවද ගැපෙක් ශ්‍රී ලංකා ආයතනයේ අධ්‍යක්ෂ ගාමිණි ජයතිස්ස පෙන්වා දෙනවා.

මෙම පාෂාණයේ ඇති පාරදෘශ්‍යභාවය නිසා අාභරණ තැනීම සහ 'චිප්' නිශ්පාදනය සඳහා යොදා ගන්නා බැවින් මෙම පාෂාණ නිධියෙන් විශාල ධනස්කන්ධයක් උපයා ගැනීමේ හැකියාවක් ඇති බවද සඳහන් කරනවා.

මෙම නිධියෙන් ලෝක ඉල්ලුමෙන් 7% ක තොග සපයා ගැනීමේ හැකියාව ඇති බවත් සෙව්වන්දි නොහොත් ධමනි තිරිවානා නැමැති මෙම පාෂාණයෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට මැදිහත්වන ලෙසත් ගැපෙක් ශ්‍රී ලංකා ආයතනය රජයෙන් ඉල්ලීමක් කරනවා.