Friday, April 26, 2024

General line - 0115112241

කොස්ගොඩ තාරකගේ සහෝදරයාවත් රැගෙන යයි

ලලිත් චාමින්ද




මාතර නගරයේ පිහිටි ස්වර්ණාභරණ වෙළද සැළක් කොල්ලකෑමට යාමේදී ඇතිවු වෙඩි හුවමාරුවේදී තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටි අනික් සැකකරුද අද (25) දහවල් ගාල්ල බන්ධනාගාර නිලධාරින් විසින් අගුණුකොලපැලැස්ස බන්ධනාගාරය වෙත රැගෙන යනු ලැබුවා.

අද දහවල් මෙසේ රැගෙන යනු ලැබුවේ කොස්ගොඩ තාරක නැමැත්තාගේ  සහෝදරයා වන මදුක නිර්මාල් පෙරේරා නැමැති සැකකරුවායි. ඔහු රෝහලින් නිදහස් කොට තිබු අතර දැඩි රැකවැල් මැද බන්ධනාගාර නිලධාරින් විසින් මොහු රැගෙන යනු ලැබුවා. 

මෙකි කොල්ලයට සම්බන්ද සැකකරුවන් තිදෙනාගෙන් දෙදෙනෙකු ඊයේ (24) අගුණුකොළපැලැස්ස බන්ධනාගාරය වෙත රැගෙන යනු ලැබුවා. කොස්ගොඩ තාරක නොහොත් ධර්මකීර්ති තාරක පෙරේරා (30) හා අතුල කිත්සිරි (28)  එම සැකකරුවන් දෙදෙනායි.