Friday, April 26, 2024

General line - 0115112241

යාපනයේ 06 හැවිරිදි දැරියගේ ඝාතනයේ සැකකරුවෙක් අත්අඩංගුවට (PHOTOS/UPDATE)

මාධව කුලසූරිය -වවුනියාව




යාපනය සුළිපුරම් ප්‍රදේශයේ  ළිඳක තිබි ඊයේ (25) සවස සොයා ගනු ලැබූ පාසල් දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් අවශ්‍ය සිටි සැකකරුවෙක් වන 22 හැවිරිදි වියේ තරුණයෙක් පොලිසිය විසින් එම ප්‍රදේශයේදීම අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරනවා.

අද (26) සිදුකල පශ්චාත් මරණ පරීක්ෂණයට අනුව එම දැරියගේ ගෙල සිරකර ඝාතනයට ලක් කර ඇති බවට අනාවරණය වුනා.

.............................................................................................................................................................................................................................................................

යාපනයේ දැරිය ඝාතනය කළ අයුරු හෙළිවෙයි

(26-06-2018 16:44)

යාපනය ප්‍රදේශයේදි ඝාතනයට ලක්වු දැරියගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද (26) යාපනය රෝහල් මෘත ශරීරාගාරයේදී පැවැත්වු අතර, දැරියගේ ගෙල සිරකොට ඝාතනය කොට ඇති බව එහිදි අනාවරණය වි ඇති බව වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසනවා.

පාසල් නිල ඇඳුමකින් සැරසි සිටි පාසල් දැරියකගේ මළ සිරුරක් යාපනය සුළිපුරම් ප්‍රදේශයේ ළිඳක තිබි ඊයේ (25) සවස සොයා ගැණින. පොලිසිය පැවසූවේ දැරිය ඊයේ(25) පාසල් ගොස් නැවත නි‍වස වෙත නොපැමිණ ඇති අතර, දැරිය නිවසට නොපැමිණිම සම්බන්ධයෙන් සොයා බැලීමේදී දැරියගේ මළ සිරුර නිවස ආසන්නයේ ළිඳක තිබි සොයාගත් බවයි. යාපනය,සුළිපුරම් හි පදිංචි ශිවනේශ්වරන් රෙජීනා නමැති දැරියකගේ මළ සිරුරක් එලෙස සොයාගත් බවද පොලිසිය සදහන් කළා.

පොලිසිය පැවසූවේ කාට්ටුපුලම් රජයේ දෙමළ මිශ්‍ර පාසලේ පළමු ශ්‍රේණියේ අධ්‍යාපනය ලද දැරියක් මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවයි. 

සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් සිව්දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරුවන් අතරින් එක් පුද්ගලයෙකු දැරියගේ මරණය සම්බන්ධයෙන් පූර්ණ සම්බන්ධයක් ඇති බවද යාපනය ආරක්ෂක අංශ අනාවරණය කොටගෙන ඇත. දැරියගේ මළ සිරුරේ ගෙල ප්‍රදේශයේ තුවාල කැළල් තිබු අතර, ‍අදාළ තුවාල පරීක්ෂා කිරීමේදී දැරියගේ ගෙල සිරකොට මරා දමා ඇති බවට තහවුරු වි ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් සොයා වඩ්ඩුකොඩ්ඩෙයි පොලිසිය වැඩිදුර පරීක්ෂණ ‍මෙහෙයවයි.